පැරණි තොරතුරක් හෝ සිදුවුනු දෙයක් කලාකරුවෙකු ගෙනහැර පාන්නේ එහි ඇති සමකාලීන වැදගත්කමක් දකිමිනි. ඒ අනුව “ගජමන් පුවතේ” ඇති වැදගත් කම කුමක්ද?


“ගජමන් පුවතේ” එන චරිත හා සිද්ධීන් දෙස මා බැලුවේ අද අපේ සමාජයේ ප්‍රශ්න තුළිනි. කලාකරුවන් දෙස සමාජය හෙළන වැරදි සහගත බැල්ම ගැන වරක් එක් සිනමා නිළියක සමඟ මා කළ සාකඡ්චාවෙන් ඈ ලද සහනය මගේ සිතට තදින් කා වැදුණි. කලාකරුවන් අසම්මත පිරිසක් බවට සෙසු සමාජය දරන ආකල්පය මේ රටට පමණක් සීමා නොවේ. එය මෙකලට ද සීමා නොවෙයි. මේ කරැණ සාකඡ්චා කිරීමට “ගජමන් නෝනා” හොඳ සංකේතයක් බව සිතුවෙමි. තවද කලාකරුවා තුළ ද පවතින නොයෙකුත් ආවේගයන් විදහා දැක්වීමට ගජමන් නෝනාගේ ජීවිතයෙන් ලබාගත් හැකි තොරතුරු එමට විය.


“ගජමන් පුවත” නිර්මාතෘ දයානන්ද ගුණවර්ධන මහතා විසින් 1976 මාර්තු 15 දින ගම්පහදී